බෞද්ධ භාවනා – 2 කොටස
දස අසුභය
මෘත ශරිරයක විවිධ අවස්ථා අරමූණු කොට ගෙන භාවනා කිරිම දස අසුභ ලෙස සදහන් වෙයි.
1. උද්ධු මාතක – ඉදීමී ගිය මළ සිරුර
2. විනීලක – ඉදිමී නිල්වන් වු මළ සිරුර
3. විපුබ්බක – ඒ ඒ තැනින් සැරව ගලන සිරුර
4. විචිඡිද්දක – යුද්ධ භුමි ආදියෙදි දී දෙකට කපා දැමු (සිදුරු සහිත) මළ සිරුර
5. වික්ඛායිතක – බලු , සිවල් ආදි සතුන් විසින් තැනින් තැන කා දමන ලද සිරුර
6. වික්ඛිත්තක – බලු සිවල් ආදි සතුන් විසින් අත් පා ආදි අවයව තැන් තැන් වලට ඇද දැමු පිළිකුල් සහිත මළ සිරුර
7. හත වික්ඛිත්තක – ආයුධ වලින් ඇග පසග කැබලි, කැබලි වලට කපා තැන තැන විසුරුවා ලු මළ සිරුර
8. ලෝහිතක – ලේ වැගිරෙන පිළිකුල් සහිත මළ සිරුර
9. පුලවක – පණුවන් ගැසුන මළ සිරුර
10. අට්ඨික – ලේ මස් නැති ඇට සමුහය හෙවත් ඇටසැකිල්ල
බෞද්ධ භාවනා – 1 කොටස
`
සමථ භාවනා විදර්ශනා භාවනා වශයෙන් භාවනා ක්‍රම දෙකක් ගැන බුදු දහමෙහි ඉගැන්වේ. සමථ භාවනා කාමච්ඡන්න්ද ආදි පංච නීවරණ නමින් හැදින්වෙන් අකුසල් ධර්ම පහක් සමනය කර ගැනිමට ඉවහල් වන අතර විදර්ශනා භාවනාව නිර්වාණ අවබෝධය සදහා විශේෂයෙන් ම ඉවහල් වේ. බෞද්ධ භාවනාවේ අවසාන අරමුණ ද එයයි.
සමථ භාවනා
සිත එක අරමූණක පිහිටුවා ගැනිමෙන් කෙරෙන භාවනාවක් බැවින් මෙය චිත්ත භාවනා, සමාධි භාවනා
යන නමි වලින් හැදින් වෙයි. කුසල් ඇති කර ගැනීමට ඇති බාධක පංච නීවරණ වේ. එම බාධක සංසිදුවා
සිත තැන්පත් බවට පමුණුවා සිත දියුණු කරලීම මෙම භාවනාවෙන් සිදු වේ. ධ්‍යාන උපදවා ගැනිමට උදවු
වන භාවනාවකි.
සමථ කර්මස්ථාන
භවනාව සදහා අරමූනූ කර ගත යුතු (නිමිති) කරුණු කර්මස්ථාන නමින් හැදින්වෙයි. සමථ භාවනාවට
අරමුණු වශයෙන් ගත හැකි කර්මස්ථාන හතලිහකි. කසිණදසය, අසුභදසය, අනුස්සති දසය, අප්පමඤ්ඤා
සතර, ආහාරේ පට්ටකුල සඤ්ඤායව, චතුධාතු වවත්ථානය, ආරුප්ප සතර යනු එම සමථ කර්මස්ථාන
සතලිසයි.
දස කසිණ
1. පඨවි කසිණය
2. ආපො කසිණය
3. තේජො කසිණය
4. වායෝ කසිණය
5. නීල කසිණය
6. පීත කසිණය
7. ලෝහිත කසිණය
8. ඕදාත කසිණය
9. ආකාශ කසිණය
10. ආලෝක කසිණය
රෝග සුවයට භාවනා
බෞද්ධ අපට වැලදෙන ලෙඩ රෝග සුවකර ගැනීමට බෞද්ධ ආගමික භාවනා ක්‍රම සහ වත් පිළිවෙත් ක්‍රම තිබෙන නිසා විහාරස්ථානයකට මිස කෝවිලකට හෝ පල්ලියකට යාමේ අවශ්‍යතාවයක් අපට නැත.
සියලුම රෝග බෙහෙත් ඖශධ වලින් සුවකිරීමට පුළුවන් කමක් නැත. සියලු රෝග සුව කරන එකම ක්‍රමයක් නැත්තේ මිනිසාට ලෙඩ රෝග වැළදෙන්නේ විවිධ හේතු නිසා බැවිනි.කායික හේතු මානසික හේතු සහ භූත දෝස ආදිය ඊට බලපාන බැවිනි.
අපට වැළදෙන ලෙඩ රෝග අතුරින් රෝග රාශියක් සුවකර ගැනීමට, පවතින නිරෝගී සුවය වැඩි දියුණු කර ගැනීමට පුළුවන්කම ඇති භාවනා ක්‍රම රාශියක් ඇත. උදාහරණ ලෙස මෛත්‍රී භාවනාව සහ ආනාපානසති භාවනාව දැක්විය හැක.
මීට අවුරුදු 2600 කට පමණ පෙර එක් දිනක් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
ධම්මෝසධ සමන්නත්ති – එතන්පිවත භික්කවෝ
එනම් “මහණෙනි, ධර්මයට සමාන බෙහෙතක් නැත. මෙය පානය කරන්න.” යනුයි.
ඒ නෛර්යානික බුද්ධ වචන අදටත් එසේම කිසිම වෙනසක් නැතුව වලංගු බව ඔප්පු වන්නේ, මානසික සුවය සඳහා පමණක් නොව හදවත් රෝග, රුධිර පීඩනය, ශීර්ශබාධ ආදී වූ රෝගාබාධ සුව වීමට හා රෝග තත්ව පාලනය කර සමනය කර ගැනීමට භාවනා ක්‍රම තුලින් හැකියාව ඇති බව වෛද්‍ය විද්‍යාඥයන්ගේ පරියේෂණ තුලින් ඔප්පු වී ඇති බැවිනි.
භාවනාවේ ඇති වටිනාකම වඩාත් වැඩි වන්නේ ඖශධ වර්ග භාවිත කිරීමේදී එම ඖශධ නිසා පවතින රෝගය සුව උනත් වෙනත් රෝගාබාධ මතුවීම වැනි භයානක තත්වයක් භාවනාව තුල නොමැති වීමයි. එපමණක් නොව දුම් පානය, මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකීමට පවා භාවනාවෙන් ලැබෙන මානසික ශක්තිය ඉමහත් සේ උපකාරී වේ. අලස ගති පහවී මානසික ප්‍රබෝධය වැඩිවේ.
බුදු දහමේ ප්‍රධාන බලාපොරොත්තුව ලෝකෝත්තර සුවය හෙවත් නිවනයි. නිවනින් මෙහා තිබෙන ලොකුම සුවය (ආරෝග්‍යා පරමාලාබා) නිරෝගී සුවයයි. භාවනා කිරීමටත් බණ ඉගෙනීමටත් නැතුවම බැරි දෙයක් නම් නිරෝගී සුවයයි. නිරෝගී සුවය අපේක්ෂා කරන අයෙකුට මෙම භාවනා ක්‍රම අනුගමනය කිරීමෙන් ඉමහත් සුවයක් ලැබේ. ඔබත් මෙම භාවනා ක්‍රම දියුණු කර ආයුරාරෝග්‍ය සැපත දියුණු කරගන්න. දෙවනුව විදසුන් වඩා ලොව්තුරා සැනසුම ලබාගන්න.
ඔබ සැමට තෙරුවන් සරණයි…!!!
(උපුටා ගැනීම පරගස්තොට සුධම්ම හිමි විසින් රචිත “රෝග සුවයට භාවනා” ග්‍රන්ථයෙනි)
..::බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස::..
“බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස” පිලිබදව ඔබ සියලුදෙනා දැනුවත් කිරීමට මා සිත යොමු කලෙමි. බුදුගුණ නිතර නිතර මෙනෙහි කිරීමෙන් තමාගේ මෙලොව පරලොව දියුණුව ලඟා කරගත හැක. ඒවා නම්;
(පොත පත ඇසුරෙණි)
නවතම ප්‍රතිචාර