නිවස > දුටුගැමුණු බළකාය > ..:: උඳුවප් පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

..:: උඳුවප් පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

උඳුවප් පොහොයත් සමග තවත් වසරක අවසානය ලඟාවේ. මෙම උතුම් පොහොය දිනයේදීද පෙර පොහොය දිනයන් මෙන්ම සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවිය.

  • ශාසනික වශයෙන් උඳුවප් පොහොය දින සිංහල බෞද්ධයන් හට වැදගත් වේ. එනම් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට භික්ෂුණී ශාසනය පිහිටවීමද, සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ඇතුලු තවත් මෙහෙණින් වහන්සේලා 11 නමක් ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් සමඟ දඹදිව සිට මෙරටට වැඩමවීම මෙම පොහොය දිනයත් සමඟ කෙරුන ඓතිහාසික හා ශාසනික සිදුවීම්ය. මෙම සිදුවීම ශ්‍රී ලංකාව තුල නැවත බුදු සසුන පිහිටුවීමට මුල් වූ මිහිඳු මහරහතන් වහන්සේගේ අවසරය ඇතුලුව දේවානම් පියතිස්ස රජතුමාගේ ආරාධනයෙන් සිදුවිය.

  • සම්බුද්ධ ශාසනික වශයෙන් මෙන්ම මෙරට කෘෂිකාර්මික වශයෙන්ද මෙම උඳුවප් මාසය  මෙරට ජනතාවට වැදගත් වේ. ඒ කෙසේද යත් මෝසම් වැසි වලින් කෙත්වතු සාරවත් වී අලුත් හේන් වල බව භෝග සිටුවන්නේද, මාස් කන්නය සඳහා කුඹුරු අස්වද්දන්නේද මේ මාසයේය. විශේෂයෙන්ම උඳු වපුරන මෙම මාසය උඳුවප් මාසය ලෙස හැදින්වීමෙන්ම එම වැදගත් කම මනාව පිළිඹිබු වේ.

මෙම ලිපියත් සමඟම “පෝ දා තතු” ලිපි පෙල අවසන්වේ. මෙතෙක් මාත් සමඟ මෙම කර්තව්‍යට අත හිත දුන්, වැරදි පෙන්වා එය නිවැරදි කරගැනීමට උදව් කල සියළු දෙනා හටම උතුම් වූ නිවනින්ම සැනසීම උදා වේවායි මා හදවතින්ම ප්‍රාර්ථනා කරමි. එසේම මෙම ලිපියේද යම් කිසි වැරදි අඩුපාඩුවක් වෙතොත් එයද නිවැරදි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!! අයියනායක දෙවි පිහිටයි !!!

  1. 2011 ජූලි 22 දින පෙ.ව. 11:32 ට

    කාන්තාවන් උපසම්පදා කිරීම භික්‍ෂූන් වහන්සේලාට අකැප නැතැයි විනය පිටකයේ චුල්ල වග්ග පාලියේ භික්‍ඛුණී ඛණ්ඩකයේ ඇතැයි මහාචාර්ය චන්‍ද්‍ර වික‍්‍රමගමගේ පවසයි. එසේ නම් මහණ කිරීමත් අකැප විය නොහැක. මිහිදු හිමිගේ ඉල්ලීමට එක`ග වී උත්තිය රජු දුන් ශිෂ්‍යත්‍වයකට :ීජයදක්රියසච* සංඝමිත්තා තෙරණිය සමග අටලොස් කුලයක් මෙහි ආහ. එය සනාථ කරන ප‍්‍රබලම සාධකය නම් අවිහිංසා ධර්මයක් අපේ රටට හඳුන්වා දුන් මිහිඳු හිමිගේ නැ`ගණිය සමග හතර රියන් බෝ පැළය රැුකීමට දුනුවා කුලයකුත් පැමිණීමයි. මහා බෝධිවංසයට අනුව ඔවුනගේ රාජකාරිය වූයේ බෝධියට කපුටන්ට බැස්ස හිය නොහැකි වන සේ දුන්නෙන් විදීමටය. ඇත්තට ම සංඝමිත්තා තෙරණිය සමග ආ අටලොස් කුලයට අපට දෙන්නට දෙයක් තිබුණාද? කිසිවක් නැත. තමන්ට ලැබුණු ශිෂ්‍යත්‍වයට කෘතඥතාවය පළ කිරීමට ගුරු පඬුරු ලෙසට සං`ගමිත්තා තෙරණිය ශී‍්‍ර මහා බෝධිය රැුගෙන ආ සේක. ඒ ධන ධාන්‍යයෙන් හා ශිල්ප ඥාණයෙන් ඉහළින් සිටි අපේ රජතුමාට දෙන්නට වටිනා වෙන කිසිවක් අශෝක අධිරාජයාට නොතිබූ නිසාය.
    මිහිඳු හිමිගේ උපදේශකත්‍වයෙන් රජුගේ ආශිර්වාදයෙන් සංඝමිත්තා තෙරණිය සමග මෙහි ආ ඇගේ මාමලා අට දෙනාගෙන් බෝධිගුත්තට හා සුමිත්තට තම පිරිසිදු කුලය රැුක ගැනීමට සංඝමිත්තා තෙරණිය සමග ම මෙහි වැඩිය මෞර්ය වංසික සුනන්දා තෙරණිය සිවුරු හරවා දෙයි. මහණ වීමට සිටි මෞර්ය වංසික සුමනා උපාසිකාව ද නෑකමට සුමනාට ම මාමා වන සුමිත්තට සරණ පාවා දෙයි.
    මේ ඉතිහාසයත් හෙළයා වරදවා ගත් තැනකි.(අභිමානි හෙළන්කා- ලංකා ඉතිහාසයට විප්ලවීය අර්ථකථනයක්, තිලකා රන්දෙනි, 2007*

    • ගෙවල භූතයා
      2011 අගෝස්තු 2 දින ප.ව. 11:09 ට

      මහින්දාගමනය සංස්කෘතික ආක්‍රමණයක් විතරයි මට නම් හිතෙන්නේ. ඉතින් ඕක අස්සේ මොන මඟුලක් ආවත් අපෙ මොකෝ.මොකද්ද මෙතනින් කියන්න හදන්නේ මට තේරෙන්නෑ නැන්දේ

  2. Thilaka Randeni
    2011 අගෝස්තු 11 දින පෙ.ව. 9:05 ට

    හරිම කණගාටුයි. කොහොමත් බුද්ධ ධර්මය වගේ එකක් ගෙවල බූතයන්ට වටහා ගන්න අමාරුයි. අපේ බුදු රජාණන් වහන්සේ මඤ්ඤධිම නිකයේ වීමංසන සූත‍්‍රයේ කියලා තියෙන්නේ උන් වහන්සේත් බුදු වෙලාද කියා විමසන ලෙසයි.
    අවුරුදු දහස් ගණනක් අපේ මොළ හෝදලා තියෙන්නේ. මිහිදු හිමි ආවේ රහස් රාජ්‍ය තාන්ති‍්‍රක කි‍්‍රයාවකටයි. ඒ අපේ හිත් තුළ දීන ඉන්‍දියානු මානසිකත්‍වයක් ඇති කිරීමටයි. ඒක සාර්ථක වුණු නිසා තමයි න් වහන්සේ අපවත් වෙලා අවුරුදු 22 ක් යනකොට ඉන්‍දියාවෙන් ආ රජකුට සේනාධිනායකයකුට නොව අශ්ව වෙළදුන් වන සේන ගුත්තිකට අනුරාධපුරය යටත් වුණේ.
    සංලමිත්තා ඒ කාරිය කරන්න ආ දෙවන කණ්ඩායමයි.
    බලන්න සිංහල හොට් නිවුස් වෙබ් අඩවියේ මගේ ආටිකල් එක දේවානම්පියතිස්ස ඉන්‍දියාවේ සංකේතාත්මකව රජ වූයේය

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න