Archive

Posts Tagged ‘කවි’

දහම් සිතිවිලි

ආරෝග්‍ය පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඤාතී – නිබ්බාණං පරමං සුඛං

ලෙඩ නැති බව උත්තම ලාභය වේ
සතුටට සමවන දනයක් නොම වේ
නෑ කම විශ්වාසය මත රැඳ වේ
නිවනට සමවන සුවයක් නොම වේ

කිච්චෝ මනුස්ස පටිලාභෝ – කිච්චං මච්චාන ජීවිතං
කිච්චං සද්ධම්ම සවණං – කිච්චෝ බුද්ධානං උප්පාදෝ

වෙහෙසෙනි මනුලොවමිනිසකු වන්නේ
වෙහෙසෙනි හැමදෙන දිවි රැක ගන්නේ
වෙහෙසෙනි දහමට සිත පහ දන්නේ
වෙහෙසෙනි බුදුවරු ලොවැ උපදින්නේ

සුඛ කාමාති භූතානි – යෝ දණ්ඩේන විහිංසති
අත්තනෝ සුඛ මෙසානෝ – පෙච්ච සෝ න ලභතේ සුඛං

තම සැප සොයමින් පිටුපා දහමට
කිසිවකු හිංසා කළහොත් සතුනට
දුක ඔහු පසුපස පැමිණේ හැමවිට
පරලොව සැපතක් නොම වේ කිසිවිට

සුකරානි අසාධුනි – අත්තනෝ අහිතානි ච
යං වේ හිතංච සාධුංච – තං වේ පරම දුක්කරං

තම හට නපුරම ගෙන දෙන නිතිනී
දහමට පටහැනි වන හැම අතිනී
වැඩ නැති දේ කළ හැකි පහසුවෙනි
හිත ඇති දේ නොකළැති ඒ ලෙසිනි

න හජේ පාපකේ මිත්තේ – න හජේ පුර්සාධමේ
භජේථ මිත්තේ කල්‍යාණේ – භජේථ පුරිසුත්තමේ

පවිටු මිතුරු ඇසුරට නොම යන්නේ
නපුරු දුදන ඇසුරට නොම ගන්නේ
කලණ මිතුරු නිති ඇසුරු කරන්නේ
සුදන හැඳින දැන ඇසුර පතන්නේ

ධම්ම පදයෙක් උපුටා ගත්තකි.

කවි මඩුව | අපේ සිංහළ අලුත් අවුරුද්ද

කෙත් වතු සාර වී අද අටු කොටු              පිරිලා
කොවුලා හඩ නගයි නව අවුරුදු             කියලා
සැම සිත් සතුටුවී එහි සිරියෙන්               පිරිලා
අරඹමු කවි මඩුව අවුරුදු ගුණ                 වනලා

වැඩිහිටියන්ට ගරු සැලකිලි ලැබ         දෙන්ට
ඉපැරණි හොද සිරිත් ඇසුරට ලැබ          ගන්ට
තරහ මරහ අමතක කර                  හිනැහෙන්ට
සිංහල අවුරුද්ද එළඹෙනවා                     අපට

පින්බර අලුත් අවුරුද්දක් ලඟම                එතේ
පැහැබර තවත් දවසක් දැන් ගෙවී            යතේ
හරසර ඇතිව ඇරයුම් මේ සැමට             සබේ
හරබර කවි මඩුව අරඹනු මැනවි              අපේ

චිත්‍ර- මුතුහරිණි

සුභාෂිතයෙන්

( යහපත් කියුම්)
විපුල ගුණැති මහතුන් හට පත්     විපත
නිසල නැණින් යුතු උතු‍මෝ ම   දුරලත
කලල ගිලුණු මත වරනිදු  ගොඩ  ගනුත
තුමුල බලැති ගිඦිදකු මිස අන්     කෙවත
තේරුම
මහත් ගුණයෙන් යුතු මහාත්මයන් හට පැමිණි විපත්ති තැන්පත් නුවණ ඇති උතුමෝ ම දුරු කරති. මඩෙහි එරුණු මත් ඇත් රජු ගොඩ ගන්නට නම් මහත් බල ඇති ඇත් රජකු හැර අන් කවරෙක් සමර්ථ වේද?
රුදුරු ගිනි කඳක් ගත් ස‍ඳෙහි වන     තුරු
මිතුරු වේය දිගතින් හමන මඳ          මරු
මිතුරු නැසීමට එම වෙයි පස          මිතුරු
මිතුරු නෑ ‍කෙනෙක් නිදනුන් හට  කවුරු
තේරුම
වනාන්තරයේ රෞද්‍ර වු ගිනි කඳක් හටගත් කල්හි දිශාන්තයෙන් හමන මඳ සුළඟ ( ඒ ගින්න සමග) යාළු වෙයි‍්‍. ඒ සුළඟ ම පහන නිවීමෙන් (ඊට) සතුරු වෙයි. දුප්පතුන් හට මිතුරුවන හෝ නෑ වන හෝ අය කවුරු ද?
නපුරු කලට සත හට පැමිණෙත  වෙහෙස
එදුරු නොවෙයි කළ පවු පල දෙවා      මිස
තඹුරු වනය මුකුලිත වන බව            සවස
කවුරු විසින් වැළකිය හැකි මෙ දිය      කුස
තේරුම
අසුබ කාලයට සත්ත්වයාට දුක් කරදර පැමිණෙන විට කරනු ලැබූ වැරදිවලට විපාක දී මිස ඒ ( දුක් කම්කටොළු ) දුරු නො වෙයි. සවස් කල නෙළුම් වනය හැකිලී යෑම මේ ලෝකයෙහි කවරකු විසින් නැවැත්විය හැකි ද?
කුරිරු ගොර සපුන් ගේ දළගෙහි  විසය
මදුරු මැසි කැලන් ගේ තුඩගෙහි  විසය
රුදුරු නුහුසුවන් ගේ වලගෙහි       විසය
නපුරු දුදනන්  ගෙ සියල‍ඟෙහි ම   විසය
තේරුම
නපුරු වූ , ඝො‍්ර වූ සර්පයන් ගේ දළ කෙළවර විෂ වෙයි. මදුරු මැසි සමූහයා ගේ තුඩ කෙළවර විෂ වෙයි. රෞද්‍ර වූ ගෝනුස්සා ගේ වලිගයේ අග විෂ වෙයි. එහෙත් නපුරු දුර්ජනයන් ගේ මුළු ඇගෙහි ම විෂ වෙයි.
අමිත ගුණ නුවණ යුතු උතුමෝ        පබඳ
අනත වෙහෙස ලදුවත් නොම වෙති දුගඳ
දිගත පතළ සුවඳැති සොඳ සඳුන්       කඳ
සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි       සුවඳ
තේරුම
ප්‍රමාණ කොටගත නොහැකි ගුණයෙන් හා නුවණින් යුතු ඉතා  ප්‍රකට උත්තමයෝ කෙළවර නැති ‍‍‍ ‍‍‍ගැහැට ලැබුවත් දුෂ්ට සිතක් ඇති කර නොගනිති. හැම දිසාවෙහි පැතුරුණු සුවඳින් යුතු යහපත් සඳුන් කඳ , කපන කලත්, කුඩු කරන කලත් එක විදියට ම සුවඳ විහි දී යයි.

පහන් පූජාව…