නිවස > බුදු දහම > ..:: වෙසක් පුන් ප්හොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

..:: වෙසක් පුන් ප්හොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

වෙසක් පුන් පොහොය දිනය සියළු ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් වන පොහොය දිනයක් බව අප සැම හොදින් දන්නා කරුණකි. මෙම පොහොය දිනය දකුණු ආසියානු හා අග්නිදිග ආසියාතික රටවල් බොහෝවිට ඉතා උත්සවාකරයෙන් සමරති. එම නිසා මෙම උතුම් පොහොය ඒ ඒ රටවල සමරන දින වකවානු වෙනස් වේ.  උදාහරණයක් ලෙස ගත් විට ථේරවාදී බෞද්ධයන් අනුගමනය කරනු ලබන දින දර්ශනයට  අනුව වෙසක් පොහොය යෙදෙන්නේ පුර පසලොස්වක පොහොය දිනයකටයි. ඒහා සමානව ඒ ඒ රටවල දින දර්ශන වලට අනුව පොහොය යෙදෙන දිනය වෙනස් වේ.

චිනයෙ චන්ද්‍ර දිනදර්ශනය අනුව වෙසක් පොහොය යෙදෙන්නේ එහි හතරවන මාසයෙ අටවෙනි දිනය දායි. අපරදිග ජොර්ජියානු දින දර්ශනය අනුව අප්‍රේල් සහ මැයි මාසයන්හි වෙසක් දිනය යෙදෙන නමුත් එය අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වේ.

තායි බුදුදහමේ ධම්මයුතිකා සහ මහායානික පාර්ශව වර්ෂ 2009 සඳහා වෙසක් දිනය සමරනු ලැබුවේ මැයි 08 වනදායි එදින ශ්‍රි ලංකවෙද වෙසක් දිනය සමරනු ලැබිය.මැයි 09 වන දින වර්ෂ 2009 සඳහා සින්ගප්පුරුවේ වෙසක් දිනය යෙදී තිබුණි.

  • සිදුහත් බෝසතානගේ උපතත්, ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ බුදු වීම හා පිරිණිවන් පෑමත් යන උතුම් තෙමඟුල සිදුවූයේ මෙම වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේදීය. ලෝ වාසී බහුතර බෞද්ධ ජනතාව වෙසක් පොහොය දිනයේ දී කටයුතු කරන්නේ මෙම උතුම් තෙමඟුල මුල් කොටගෙනය.

  • ශ්‍රී ලංකාවාසී සියළු බෞද්ධයන් හට තවත් ලෙසකින් මෙම උතුම් පොහොය දිනය වැදගත් වේ.  ඒ මන්ද අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වසරකට පසු ශ්‍රී ලංකාවේ “කැළණියට” වැඩම කිරීම හා ඒ පැමිණීමත් සමඟම “සුමන සමන්” දිව්‍යෝත්තමයාගේ ආරාධනය පිළිගෙන “සමනල” කන්ද මුදුනෙහි සිරිපත්ල සටහන් කිරීමද, මේ පොහොය දිනය තුළදී සිදුවීමයි.

    • තවද “විජය” කුමරු ඇතුළු පිරිස ලක්දිවට පැමිණීමත්, “දෙවන පෑ තිස්” රජුට “ධර්මාශෝක” රජු විසින් “යුව රජ” ලෙසට  දෙවන වරට අභිෂේක ලබා දීම හා “දුටුගැමුණු” රජතුමා “රුවන්වැලි” මහ සෑයේ වැඩ ආරම්භ කිරීම හා එහි බිම සකස් කිරීමත් යන විශේෂ අවස්ථා මෙම උතුම් වෙසක් පොහොය දිනයේදී සිදුවිය.

    මෙම වෙසක් පුන් පොහොය දිනය ලෝක බුද්ධ ශාසනයේ ඉතා වැදගත් වූ පොහොය දිනයක් ලෙස හැදින් විය හැක.

    මාතින් ගිලිහුනු කරුණක් හෝ වැරදි අඩුපාඩුවක් වේනම් ඒ පිළිබදව මා දැනුවත් කරනමෙන් ඉල්ලා සිටිමි.

    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!! ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි !!!

    1. චන්දිමා
      2010 අප්‍රේල් 27 දින ප.ව. 5:44 ට

      මොකක්ද මේ ධර්මාශෝක රජු විසින් දෙවන පෑතිස් රජුට යුවරජු වශයෙන් දෙවනවරට අභිෂේක ලබා දීමේ කතාව? මම අහල තියෙන්නෙ දේවානම්පිය කියන නම් කොටස දුන්න කතාව විතරයි.

    2. මහ රාවණා
      2010 අප්‍රේල් 27 දින ප.ව. 9:41 ට

      මම මේක පොතක සඳහන් වෙලා තියෙනව දැක්ක. සහෝදරී කියන “මම අහල තියෙන්නෙ දේවානම්පිය කියන නම් කොටස දුන්න කතාව විතරයි” එක මම අද තමා දැන ගත්තේ. තව ටිකක් හොයල බලන්නම් මම. බොහෝම පින් ප්‍රතිචාරයට.

      බුදු සරණයි !!!

    1. No trackbacks yet.

    ප්‍රතිචාරයක් ලබාදෙන්න