නිවස > දුටුගැමුණු බළකාය > නිවැරදි සිංහල භාවිතය

නිවැරදි සිංහල භාවිතය

පසුගිය දිනෙක අප ඇරඹූ  සිංහල ව්‍යාකරණ නිවැරදිව භාවිතය පිළිබඳ ලිපි පෙලේ දෙවැනි ලිපිය මෙලෙසින් දිගහැරෙනවා (පළමු ලිපිය – මේ සිංහල බැරි අපගෙ රටයි 2). පසුගිය ලිපියෙන් “න, ණ” අකුරු දෙක වචන ලිවීමේදී නිවැරදිව යොදාගන්නා අයුරු සාකච්ඡා කල අතර අද ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ “ස, ශ, ෂ” අකුරු නිවැරදිව වචන වලට යොදාගන්නා පිලිවෙලයි.

දන්තජ ස

1. ත, ථ, න, ම, ව යන අකුරු වලට මුලින් යෙදෙන්නේ දන්තජ “ස” අකුරයි
ත – සතර, ප්‍රස්තාරය, කස්තුරි
ථ – ස්ථානය, ස්ථාවර
න – ආසනය, සනාථ
ම – විස්මය,  පස්මහල
ව – සෙවන, ස්වස්ථික

2. මව් භාෂාවල එන ච, ඡ සිංහලට බිඳීමේදී
චරිත – සිරිත
චිත්ත – සිත්
චූඩාමනි – සිළුමිණි
ඡත – සත්
ඡවි – සම

මූර්ධජ ෂ

1. ට, ඨ, ක, ප, ඵ, ණ අකුරු වලට මුලින් “ෂ” යෙදේ
ට – න්‍යෂ්ටික, දෘෂ්ටිය, ශිෂ්ට
ඨ – ශ්‍රේෂ්ඨ, ජ්‍යෙෂ්ඨ
ප – නිෂ්පාදන, වාෂ්ප
ඵ – නිෂ්ඵල
ණ – සමීක්ෂණ, පාෂාණ

2. ක අකුරට පසුව යෙදෙන අවස්ථා
දක්ෂ, ක්ෂිතිජය, ක්ෂේත්‍රඵලය

3. “ශ” හා “ෂ” අකුරු දෙක එකට යෙදෙන අවස්ථාවල මූර්ධජ ‘ෂ’ පසුව යෙදේ
ශිෂ්ට, ශේෂය, ශිෂ්‍ය

4. “ර” සහ “ඍ” අකුරු වලට පසුව යෙදේ.
ර – ශීර්ෂය, වර්ෂය, ආකර්ෂණය
ඍ – කෘෂිකර්මය, ඍෂි, දෘෂ්‍ය

5. මාතෘ භාෂාවල යෙදුණු “ෂ” සහිත වචන එසේම යෙදුණු අවස්ථා
පුෂ්ප, ඖෂධ

තාලුජ ශ

1. මුලට ශ යෙදෙන අවස්ථාවල චාවිතා කෙරෙන්නේ තාලුජ “ශ” අකුරයි –  ශිව, ශක්තිය, ශතකය, ශිෂ්ට

2. ච අකුරට මුලින් යෙදීම – පශ්චිම, ආශ්චර්ය, විනිශ්චය

3. න අකුරට මුලින් යෙදීම – ප්‍රශ්න, විමර්ශන, දර්ශන

4. ශ අකුරට මුලින් යෙදීම – නිශ්ශබ්ද, නිශ්ශංක, ජ්‍යෝතිශ්ශාස්ත්‍රය

5. ව අකුරට මුලින් යෙදීම – විශ්ව, විශ්වාස, ඊශ්වර

ආශ්‍රිත – “අපට උරුම සිංහල” – ආරියවංශ මුතුගම

  1. 2010 අගෝස්තු 19 දින පෙ.ව. 9:45 ට

    නියමයි.. ස්තූතියි!

  2. අඛිල
    2010 අගෝස්තු 20 දින ප.ව. 10:16 ට

    බොහොම හොඳ දෙයක්, ගොඩක් ස්තුතියි. වටිනා ලිපියක්.

    (1 හි සෙවන යන්න සෙවණ කියලත් මං දැකල තියෙනවා, මොකද්ද හරි කියලා දන්නෑ)

  3. dilki kaushalya
    2013 ජනවාරි 9 දින ප.ව. 8:53 ට

    thanks

  4. Suranaga Lakmal Perera ( ^සූ )
    2014 පෙබරවාරි 15 දින පෙ.ව. 12:39 ට

    ඔබේ මේ උත්සාහය ඉතා ඉහළින් අගය කරනවා. ඔබේ ලේඛනයේම ඇති අප වදන් කීපයක් දක්වන්නට කැමතියි. මේ කරුණ සද්භාවයෙන් යුතුව දැක්වීමක් ලෙස පිළිගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

    පෙළේ, ඇ‍රැඹුම, නිවැ‍රැදි, පිළිවෙළ(පිළි යන්න මුලින් යෙදෙන සෑම අවස්ථාවකදීම එහි ලයන්න මූර්ධජ විය යුතුයි), කළ (ර යන්නෙන් අවසන් වන ක්‍රියා පද වල අතීත ක්‍රියාව මූර්ධජ ළ අකුරින් අවසන් කළ යුතු බව රීතියයි.)

    ^සූ

  5. Yamuna
    2020 ඔක්තෝබර් 11 දින ප.ව. 2:13 ට

    මහප්‍රාන අකුරු යෙදෙන අයුරු

  6. Lahiru
    2021 ජනවාරි 19 දින ප.ව. 8:49 ට

    කිසිම වැඩක් නැ

  7. රංජිත් මදුරප්පෙරුම
    2023 ජනවාරි 16 දින පෙ.ව. 8:33 ට

    ජාතියේ ප්‍රණාමය ඔබට හිමි වේ …….

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න