නිවස > දේශාභිමනි ගී > රත්නදීප ජන්මභූමි – පණ්ඩිත් අමරදේවයන්

රත්නදීප ජන්මභූමි – පණ්ඩිත් අමරදේවයන්

රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි
මේ අපේ උදාර වූ මාතෘභූමියයි
ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
සාරවූ උදාරවූ මාතෘභූමියයි

මානික්‍ය සේ පොලෝගැබේ නිධානවී
ඇත්තෙ ඒ අභීත දූපුතුන්
ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි

සින්දූපමාන වැව්තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධවී
රන්කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන්හෙලූ ප්‍රාණවායුවයි

ගංගා තරංග රාව දී රිදී වණින්
මල් පිපී කුලින් කුළේ හැපී
ගායනා කරන්නේ ආකාශයේ නැඟී
වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි

පණ්ඩිත් අමරදේව

https://i0.wp.com/img638.imageshack.us/img638/6905/4fc14044bc6e.png

ප්‍රවර්ග:දේශාභිමනි ගී
  1. 2010 අප්‍රේල් 13 දින ප.ව. 9:04 ට

    මහගම සේකරගෙන් අමර දෙවයන්ට හම්බ වුන අපුරු ගිතයක්

  2. maharaavana
    2010 අප්‍රේල් 15 දින පෙ.ව. 12:38 ට

    මා ඉතාමත් ප්‍රිය කරන ගීයක්. ස්තූතියි. සුභ නව වසරක් පතනව

  3. maharaavana
    2010 අප්‍රේල් 15 දින පෙ.ව. 12:40 ට

    රවා :

    මහගම සේකරගෙන් අමර දෙවයන්ට හම්බ වුන අපුරු ගිතයක්

    ඇයි අමර දේවයන්ට විතරද. රටට හා මුළු මහත් ජාතියටම ලැබුනු වටිනා නිර්මාණයක්. ඔබටත් සුභ අලුත් අවුරුද්දක්

  4. අසංක
    2010 අප්‍රේල් 15 දින පෙ.ව. 8:25 ට

    ප්‍රතිචාරයට ස්තූතියි. ඔබ සැමට සුභ නව වසරක් වේවා !

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න