නිවස
> දුටුගැමුණු බළකාය > ..:: වප් පුන් පොහොය දින සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..
..:: වප් පුන් පොහොය දින සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..
අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේ සිට මේ මොහොත දක්වාම පැවත එන මහා පින්කමක අවසානය මෙම උතුම් පොහොය දිනයෙන් අවසන් වේ. වස් පවාරනය කොට කඨින චීවර පුජාව සිදුවන්නෙ මෙම පොහොය දින තුලදීය. කඨින චීවර පූජාව වසරකට වරක් පමණක් සිදුකරන මහත්වූ පින් රැස්කරගත හැකි උතුම් පින්කමකි.
- අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේ “සැවැත් නුවර” වැඩවසනා සමයේ “පචෙය්‍ය රටේ” තිස් නමක් භික්ෂූන් වහන්සේලා බුදුපියාණන් වහන්සේ දකිනු පණිස ගමන් ඇරඹීය. වැසි උදාවී ඇති බැවින් අතර මග “සාකේත නුවර” වස් සමාදන්ව වස් තුන් මස වසන්වී යළි ගමන් ඇර්ඹීය. අතරමගදී මහ වැස්සකට කොටුවූ උන්වහන්සේලාගේ සිවුරු තෙතබරිත විය. ඔවන් “ජේතවනාරාමයට” පැමිණියේ තෙත්වූ සිවුරු සමගිනි. මේ පිළිබදව කරුණු විමසීමෙන් අනතුරුව වෙනත් සිවුරක් ආරක්ෂිතව ගෙන ආවේනම් මෙවන් ආපදාවකට ලක් නොවන බව බුදුපියාණන් වහන්සේ දේශනා කොට ඔවුනට “කඨිනහ්කරණය” කිරීමට අවසර දුන්නේය. මෙලෙස දඹදිව මෙන්ම ශ්‍රී ලංකාවේද කඨීන චීවර පූජාව එදා සිට අද දක්වාම පවත්වනු ලැබේ.
- මෙම පොහොය දින වැදගත් වන තවත් හේතුවක් වනුයේ “දෙවන පෑතිස්” රජු “අරිට්ඨ” කුමරා ඇතුලු දූත පිරිස “ධර්මාශෝක” රජු වෙත යවා “ජයසිරි මහ බෝධී” ශාඛාව ලංකාවට වැඩමවීම හා අරිට්ඨ් කුමරු හා “සිඟාල” මහ රහතන් වහන්සේ විසින් “මිහිඳු” මා හිමිගේ අනුදැනුම ඇතිව “ථූපාරාමයේ”දී විනය පිටකය සංගායනා කිරීම වප් පොහොය දින සිදුවිය.
- තවද අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින් තව්තිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස පුරයට වැඩම කිරීම, මහා පවාරන දිනය, භික්ෂුන් වහන්සේලා විනය ප්‍රඤප්තියක් ඉටුකරන දිනය මෙම උතුම් පොහොය දින සිදුවී ඇති තවත් වැදගත් සිදුවීම් වේ.
මෙලෙස වප් පුන් පොහොය දිනයේ වැදගත් ශාසනික සිද්ධීන් සිදුවූ අතර, නැවත තවත් පොහොය දිනක තොරතුරු රැගෙන හමුවන බලාපොරොත්තුවෙන් මෙසේ සමුගනිමි. තවද මෙම ලිපියෙහි වැරදි අඩුපාඩු සිදුවී ඇත්නම් ඒවා සඳහන් කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔබ සැමට තෙරුවන් සරණයි !!! දළදා සමිදු පිහිටයි !!!
ප්රවර්ග:දුටුගැමුණු බළකාය
“කඨින චීවර පුජාව සිදුවන්නෙ මෙම පොහොය දින තුලදීය”
කඨින චීවර පූජාව ආරම්භ වන්නේ වප් පොහොයෙන්. අවසන් වන්නේ ඉල් පොහොයෙන්. ඒ අතර මැද මාසය චීවර මාසය යනුවෙන් හැඳින්වෙන අතර. ඒ කාලය අතරතුර අනිවාර්යයෙන්ම කඨින චීවර පූජාවන් සිදුවිය යුතුයි.
“අරිට්ඨ් කුමරු හා “සිඟාල” මහ රහතන් වහන්සේ විසින් “මිහිඳු” මා හිමිගේ අනුදැනුම ඇතිව “ථූපාරාමයේ”දී විනය පිටකය සංගායනා කිරීම වප් පොහොය දින සිදුවිය”
අරිට්ඨ කුමරු මේ වනවිට පැවිදි වී සිටි අතර මා දන්න පරිදි ඒ අවස්ථාවේ සිදුවූයේ අරිට්ඨ හිමියන් මිහිඳු හිමියන් හා සම අසුන් ගෙන විනය පිළිබඳ ආචාර්යවරයෙක් ලෙස විනය දේශනාව විස්තර කිරීමයි. මෙහිදී මත්තාභය හිමියන් හා තවත් 500 ක් භික්ෂූන් වහන්සේලා විනය ඉගෙන ගැනීමක් ඒ අවස්ථාවේ සිදුකර ඇත.
එසේම එයට සිඟාල හිමි නම් අයෙක් සහභාගි වූවා කියා සඳහනක් මට නම් හමුවී නැත.
එසේම බුදුරදුන් තව්තිසාවෙන් සංකස්ස පුරයට වැඩම කළ අවස්ථාවේදී මතු බුදුවන මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලබාගැනීම සිදුකළ අතර එයද වප් පොහොය දින සිදුවූ විශේෂ සිදුවීමක් ලෙස ගත හැකිය.
ඔබ සැමට තෙරුවන් සරණයි !!!
“කඨින චීවර පූජාව ආරම්භ වන්නේ වප් පොහොයෙන්. අවසන් වන්නේ ඉල් පොහොයෙන්. ඒ අතර මැද මාසය චීවර මාසය යනුවෙන් හැඳින්වෙන අතර. ඒ කාලය අතරතුර අනිවාර්යයෙන්ම කඨින චීවර පූජාවන් සිදුවිය යුතුයි.”
“එසේම බුදුරදුන් තව්තිසාවෙන් සංකස්ස පුරයට වැඩම කළ අවස්ථාවේදී මතු බුදුවන මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලබාගැනීම සිදුකළ අතර එයද වප් පොහොය දින සිදුවූ විශේෂ සිදුවීමක් ලෙස ගත හැකිය.”
වැඩි තොරතුරක් මේ පිළිබදව දැන්වූවාට ස්තූතියි. මෙම් සිදුවීම මම කලින් දැනගෙන හිටියෙ නෑ.
“අරිට්ඨ කුමරු මේ වනවිට පැවිදි වී සිටි අතර මා දන්න පරිදි ඒ අවස්ථාවේ සිදුවූයේ අරිට්ඨ හිමියන් මිහිඳු හිමියන් හා සම අසුන් ගෙන විනය පිළිබඳ ආචාර්යවරයෙක් ලෙස විනය දේශනාව විස්තර කිරීමයි. මෙහිදී මත්තාභය හිමියන් හා තවත් 500 ක් භික්ෂූන් වහන්සේලා විනය ඉගෙන ගැනීමක් ඒ අවස්ථාවේ සිදුකර ඇත.”
හ්ම්ම්ම් ඔව් මම හිතන්නෙ එතන පොඩි මග හැරීමක් වෙලා තියෙනව. මටත් ඔයා කියුවාම තමයි මතක් උනෙ අපි කියපු පොසොන් බැති ගීයක තිබුනා ඔය සිද්දිය. පොසොන් පෝයත් අතර කාල වකවානුවක මම හිතන්නෙ ‘අරිඨ්ට’ කුමරු පැවදි වෙලා තියෙන්නෙ.
“එසේම එයට සිඟාල හිමි නම් අයෙක් සහභාගි වූවා කියා සඳහනක් මට නම් හමුවී නැත.”
මේක මට දැනගන්න ලැබුනෙ මම කියවපු පොතකින්. එක එක පොත් වලින් දක්වන කර්නු කාරනා අඩු වැඩි වීමක් වෙන්න පුළුවන්නෙ. : )
වැරදි අඩුපාඩු පෙන්වා දුන්නාට ඔබට බොහෝ පින් !
බුදු සරණයි !!! අයියා නායක දෙවිපිහිටයි !!!