Archive

Author Archive

සඳ කිඳුරු දා කව

සඳ කිඳුරු දා කව කුරුණෑගල යුගයට අයත්වන ඉතා අගනා කාව්‍යමය සාහිත්‍ය නිර්මාණයක්
වන අතරම එය විල්ගමුවේ සංඝරාජ හිමියන් විසින් රචනා කරන ලදැයි සදහන් වේ. මෙම
කාව්‍ය නිර්මාණය සිවුපද ආරය ජාතක කථා සදහා හදුන්වාදීම සදහා පෙරමුණ ගන්නා ලදැයි
යන්න විද්වත් මතය වී තිබේ. ඉතා සරල බස් වහරක් යොදා ගනිමින් රචිත මෙය පද්‍ය
433කින් සමන්විත වේ. ස්වාමි භක්තිය හා එහි වටිනාකම පිළිබඳ කියවෙන මෙය බෝසත්
චරිතයේ සඳ කිඳුරු ජාතක කතාව සරළ බසින් උපමා උපමේය සහිතව ගැමි කාන්තාවන්
අරමුණු කොටගෙන ලියනා ලද්දක් බව මෙහි ඇති පඳ්‍ය දෙස බැලීමෙන් පසක් කරගත හැක.

සද කිඳුරු දා කවෙන් උපුටා ගන්නා ලද කවි කිහිපයක්.

ඇදගත් තදින් විදි සැර නොවැරදී                වැ ද
හියපත් මුවෙන් වැම්මෙන ලේ හැලි          නොම ඳ
බලවත් දුකින් වලපින හිමි නුඹ                  වැල  ඳ
මගෙ නෙත් දියෙන් සේදී ගෙනැ ගියේ       වෙ ද

මෙම කවියෙන් කිඳුරා හට වැදුනා වූ අනපේක්ෂිත හීසර පහරින් ගලනා වූ රුහිරු දහරාව දැක
බියෙන් මුසපත් වූ කිඳුරිය තම ආදරණීයයා වෙනුවෙන් වැලපෙන අන්දම කියාපායි.

සිප බඳ කොමළතින් මුව වී පොවා     පියා
සැප විඳ කලක් සමඟවැ මන පිනා      පියා
ලප සද ලෙසින් උන් මගෙ හිමි මරා    පියා
අප අද කුමට වෙන් කැරැපීද පා            පියා

මෙයින් කිඳුරා හා කිඳුරිය අතර තිබුනාවූ ආදර බැදීමෙහි වූ ශක්තිමත් බවත් රජුගේ අදහසට
විරුද්ධව තම හිමි කිඳුරා වෙත වූ අකලංක පති භක්තිය එලෙසින්ම පවත්වාගනිමින් ජීවත්
වන කිඳුරිය ගැන අපූරුවට විග්‍රහ කෙරේ.

දිසි ගඟුලැල්ලේය කෙළැ             සිහිලැල්ලේයා
තුරු සෙවණැල්ලේය මඳ              පවනැල්ලේයා
නුඹ සහ වැල්ලේය මල් පෙති      තිල්ලේයා
උන් මට ලොල්ලේය දැන්            ළතැවූල්ලේයා

කිඳුරිය තම පෙම්බර සැමියා සමඟ ගතකල සුන්දර ජීවිතය පිළිබදවත් කිඳුරියගේ රුවට
ලොල් බැඳ කිඳුරාට හී සැර විදි රජුද කිඳුරියගේ පතිභක්තිය හමුවේ ළතැවෙන අන්දම මෙම
කවියෙන් මොනවට විස්තර කෙරේද.

උපුල් කඩා ගෙනැ කනලා        සුපුල්වන
ළකල් කුසුම් දම් කරැලා           එකල්වන
නිමල් මෙ නුඹ සහ විඳි සැප    විපුල්වන
සිහිල් සෙවණැ උන් මට මේ    තැවුල්වන

මෙම පද්‍ය නිර්මාණයෙන්ද කිඳුරා හා කිඳුරියගේ අතීත ජීවිතයේ සුන්දර බවද කිඳුරාගේ
නිසසල දේහය අභිමුව කිදුරියගේ වැලපිල්ලද අපූරුවට විස්තර කෙරේ.

නිදුකින් සමඟ පෙම් බැඳැ සැප විඳැ       සොඳිනේ
බසෙකින් විතර වෙනසක් නොවැ         ඉඳින දිනේ
දියෙකින් නැගුණු ගින්නක් මෙන්         වියැ මෙ දිනේ
ඉතිකින් කෙසේ වෑවෙම් දෝ හිමි          සඳිනේ

අවසානයේදී කිඳුරිය තම මියගිය ස්වාමියා වෙනුවෙන් කරන්නාවූ කන්නලවුව සඳහා මෙම
පැදිපෙළ වෙන්වී ඇති අතරම මුළු පද්‍ය පන්තිය පුරාවටම පැතිර පවත්නාවූ බිරිදක් කෙරෙන්
ස්වාමියා කෙරේ විද්‍යාමාන වන පතිභක්තියේ අපූර්වත්වය  ඉතාම සරළ බස් වහරකින්
විස්තර කර තිබීමෙන් ඕනෑම කාන්තාවක්, පෙම්වතියක් හෝ භාර්‍යාවක් මෙය තම ජීවිතයේ
ජීවන අත්පොතක් බවට පත්කර ගැනීමට ඇති හැකියාව ඉතාම අගනේය.

ප්‍රවර්ග:කවි පියස

වසල සූත්‍රය

මෙය බුදු දහමේ දේශනාවන් අතුරින් සමාජ ශෝධනය සඳහා දේශනා කරන ලඳ ඉතාමත්
ප්‍රභල දේශනාවකි පෙර දඹදිව කුළ භේදය ඉතාම දරුණු ලෙස පැතිර ගිය අවධියක
බාරධ්වාජ බ්‍රාහ්මණයාට වසලයා යනු කවුරුන්දැයි හදුනා ගැනීම පිණිස බුදුරදුන් විසින්
දේශනා කරන ලදී. මිනිසෙකු වසලයෙකු වන්නේ උපතින් නොව ඔහු සිදුකරන්නාවූ ක්‍රියාවන්
වලින් බව බුදුරජාණන් වහන්සේ මෙම දේශනාව තුළින් පැහැදිළි කරන ලද අතර එය පැරණි
භාරත සමාජය තුළ මහා පෙරළියක් ඇති කිරීමට හේතු විය. මෙම දේශනාවේ මිනිසෙකු
සමාජය ඉදිරියේ වසලයෙකු වන්නේ කෙසේදැයි පියවර 33 කින් දක්වා ඇත.

1. නිතර කිපෙන බව.
2. බද්ධ වෛරයෙන් යුක්තවීම.
3. අනුන්ගේ ගුණ යටපත් කිරීම.
4. මිසදිටු අදහස් ඇතිවීම.
5. අනුන් රවටන ස්වභාවය.
6. සත්ත්ව හිංසාව.
7. ගම් නියම්ගම් ආදිය භේද කිරීමෙන් විනාශ කිරීම.
8. අනුන් සතු දෙය සොරකම් කිරීම.
9. ණය ගෙන ණය හිමියා රැවටීම.
10. මංකොල්ලකෑම.
11. බොරු සාක්ෂ්‍ය දීම
12. සිය ඥාතීන්ගේ හෝ යහළුවන්ගේ භාර්යාවන් සැහැසීව හෝ මිතුරුව අනාචාරයෙහි
හැසිරීම.
13. තමා පොහොසත්ව සිට මහලු වියට පත් මවුපියනට හා ගුරුවරාදීන්ට සංග්‍රහ නොකර
අකෘතඥවීම.
14. මවුපිය සහෝදර සහෝදරියනට හෝ නෑදෑ හිතවතුනට හෝ නැදිමයිලනට හිංසා පීඩා
කිරීම හා පරොස් බස් බිණීම.
15. අර්ථවත් දෙයක් විමසු විට අර්ථය සඟවා අනර්ථයට හේතුවන උපදෙස් වලින් අනුන්
නොමඟ යැවීම.
16. වරද සිදුකොට අන්‍යන්ට දැන නොගැනීමට හැකිවන සේ සඟවනු කැමති බව.
17. ඥාති මිත්‍රාදීන්ගේ නිවෙස් වලට ගොස් මිහිරි බොජුන් අනුභාව කොට තම නිවසට පැමිණි
විට ඔවුනට ආහාර පානාදියෙන් සංග්‍රහ නොකිරීම.
18. මහණ බමුණන් හා සිඟන්නන් බොරුවෙන් රැවටීම.
19. තමා ආහාර බුදින කල්හි තම නිවසට පැමිණි මහණ බමුණන්ට පරුෂ වචනයෙන්
කථාකොට කිසිවකින් සංග්‍රහ නොකොට එළවා ගැනීම.
20. අනුන්ට කිසිවක් දෙන්නට වේයැයි බියෙන් මුළාවී අනුන් හට අයහපත් වචන කීම.
21. මානය නිසා අනුන් පහත් කොට තමා උසස් කොට සැලකීම.
22. රළු පැවතුම් ඇති බව.
23. තද මසුරු සිත් ඇති බව.
24. පවිටු අදහස් ඇති බව.
25. හැම ඉසුරු සැපතක්ම තමාටම කැමතිවීම හා අන්‍යන්ට නොකමැතිවීමේ ස්වභාවය.
26. කෛරාටික බව.
27. පව් කිරීමට ලජ්ජා නැතිකම.
28. පව් කිරීමට බිය නැතිකම.
29. බුදුරදුන් නිග්‍රහ කිරීම.
30. බුද්ධ ශ්‍රාවකයනට නින්දා කිරීම.
31. පරිබ්‍රාජකයන්ට හා ගෘහස්ථයන්ට නින්දා කිරීම .
32. රහත් ගුණයක් නොමැතිව මම රහත් කෙනෙක්මියි ප්‍රතිඥා කෙරේ නම් හේ ලොව සොර
දෙටුවා බව ප්‍රකාශ කිරීම.
33. ජාතිය නිසා වසලයෙක් හෝ බමුණෙක් නොවන බවත් කර්මයෙන් ( ක්‍රියාවෙන්) ම
වසලයෙක් හෝ බමුණෙක් වන බවත් දැන්වීම.

ගිහියන් උදෙසා බුදුරදුන් දේශනා කළ මෙම අගනා පිරිත් දේශනාවේ සිංහල තේරුම පහත
පිරිත් දේශනාවෙන් ශ්‍රවණය කර අප තුළ ඇති වසල ගති පන්නා දමා අප අතර සිටින
වසලයන් හදුනාගෙන ඔවුන්ගෙන් ඈත්ව කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක්ම ළගා කරගැනීමට අදිටන්
කර ගනිමු…

Download

ප්‍රවර්ග:ධර්ම දේශනා

මෝර පිරිත

මෝර පිරිත යනු බුද්ධ දේශනාවේ සදහන් තවත් මහානුභාව සම්පන්න පිරිත් රත්නයකි. අපගේ පැරැන්නන් හිමිදිරි උදෑසන මෙම පිරිත් දේශනාව කීමෙන් තමා කරන කියන සියළුම කාර්ය්‍යන් සර්වප්‍රකාරයෙන් සාර්ථක වන බවත් කිසිදු අපල උපද්‍රවයකට තමා ලක් නොවන බවටත් දැඩි විශ්වාසයකින් පසුවිය. මෙම පිරිත වනයේ සැරිසරන්නවූ මොනර රාජයෙකු ශ්‍රී සම්බුද්ධ ශාසනය මත විශ්වාසය තබා තම දින චරියාව ආරම්භ කරන්නා සේ අපගේ දින චරියවත් සියළුම බුදුවරුන්ගේ හා අරහත් ඵලයට පත් උතුමන්ලාගේ ශීලයේ බලයෙන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යන උතුම් ප්‍රාර්ථනය පෙර දැරි කොටගෙන දේශනා කරන ලද්දකි.

සිංහල තේරුම:

රන්වන් පැහැයෙන් යුත්, සියල්ල දකින්නා වූ, එකම රජිඳුන් වූ, ලොව ආලෝකමත්
කරවන්නා වූ හිරු නැගෙයි; ලොව ආලෝකමත් කරන්නා වූ හිරු රජිඳුනි, මම ඔබ නමස්කාර
කරමි; ලොව ආලෝකමත් කරවන රන් පැහැයෙන් යුත් රජුනි, මම ඔබ නමස්කාර කරමි.
මාගේ නමස්කාරය සියළු ධර්මයන් අවබෝධ කරගෙන අර්හත් ඵලය ලැබූ සියලු
උත්තමයන් කෙරෙහි වේවා. ඔවුහු මා ආරක්ෂා කරත්වා. අතීතයේ වැඩ සිටි
සියලු බුදුවරයන්හටත්, මගඵල ලාභීන්ටත් මාගේ නමස්කාරය වේවා. සියළු
බන්ධනයන්ගෙන් නිදහස් වූ ඒ උතුමන්හටත් උන් වහන්සේලාගේ අවබෝධයටත් මාගේ
නමස්කාරය වේවා. මෙසේ ආරක්ෂාව ලැබ මොණර තෙමේ (ආහාර සෙවීම පිණිස)පිටත්ව
යෙයි.

රන්වන් පැහැයෙන් යුත්, සියල්ල දකින්නා වූ, එකම රජිඳුන් වූ, ලොව ආලෝකමත් කරන්නා
වූ හිරු බැස යයි. ලොව ආලෝකමත් කරන්නා වූ රන්වන් පැහැ  රජිඳුනි, මම ඔබ නමස්කාර
කරමි. ඔබගෙන් ආරක්ෂාව ලැබ අපි මෙම රාත්‍රියෙහි ආරක්ෂිතව වෙසෙන්නෙමු.
මාගේ නමස්කාරය සියළු ධර්මයන් අවබෝධ කරගෙන අර්හත් ඵලය ලැබූ සියලු
බ්‍රාහ්මණයන් කෙරෙහි වේවා.( බුදුවරුන්) ඔවුහු මා ආරක්ෂා කරත්වා. අතීතයේ වැඩ සිටි
සියලු බුදුවරයන්හටත්, මගඵල ලාභීන්ටත් මාගේ නමස්කාරය වේවා. සියළු
බන්ධනයන්ගෙන් නිදහස් වූ ඒ උතුමන්හටත් උන් වහන්සේලාගේ අවබෝධයටත් මාගේ
නමස්කාරය වේවා. මෙලෙස ආරක්ෂාව ලැබ මොණර තෙමේ ප්‍රීතියෙන් වෙසේ.

මෙම මහානුභාව සම්පන්න පිරිත් රත්නය හිමිදිරි උදෑසන ශ්‍රවණය කිරීමෙන් හා එහි අර්ථය නිතර මෙනෙහි කිරීමෙන් සෙතක් ශාන්තියක්ම උදා කර ගනිත්වා….

Download

ප්‍රවර්ග:ධර්ම දේශනා

සෝවාන් වීමට මඟ

සෑම බෞද්ධයෙකුම වාගේ බලාපොරොත්තු වන්නේ සංසාර දුකින් මිදී නිවන් අවබෝධ කර ගැනීමයි. නිවන් අවබෝධ කර ගැනීම සඳහා බොහෝ දෙනා විවිධ අන්දමේ කුසල කර්ම සිදු කරනවා දන් දීම, සිල් රැකීම, බුද්ධ පූජා පැවැත් වීම, වැනි දේවල්. නමුත් මේ කිසි දෙයක් කලාට නිවන අවබෝධ කරගැනීම නම් කරන්න බැහැ. නමුත් විදර්ශනා භාවනාව වැනි භාවනා ක්‍රම මාර්ගයෙන් සිත නිවන නිවන් මග කරා ළගා වෙන්න පුළුවන්.

නිවන් අවබෝධ කරගැනීමේ පළමු පියවර වන්නේ සෝවාන් වීමයි පසුව සකෘදාගාමී, අනාගාමී හා අරහත් යන මාර්ග ඵල පිළිවෙලින් ළගා කර ගැනීමෙන් පසු නිවන කරා ගමන් කරන්න පුළුවන් මේවා සෝතාපත්ති අංග නමින් හඳුන්වනු ලබයි.

සෝවාන් වූ කෙනෙකු ළග දක්නට ඇති ලක්ෂණ සතර

1. බුදුන් කෙරෙහි වූ අචල විශ්වාසය
2. ධර්මය කෙරෙහි වූ අචල විශ්වාසය
3. සංඝ රත්නය කෙරෙහි වූ අචල විශ්වාසය
4. කිසිදා අපාය ගාමී අකුසල් සිදු නොකිරීම

සෝවා වීමට වෙර දරන අයෙකු ළග තිබිය යුතු ලක්ෂණ සතර

1. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය – සප්පුරිස සංසේවනෝ
2. සද්ධර්මය ශ්‍රවණය කිරීම – සද්ධම්ම සවනං
3. නුවණින් මෙනෙහි කිරීම – යෝනිසෝ මනසිකාර
4. ධම්මානු ධම්ම ප්‍රතිපත්ත්යේ යෙදීම – ධම්මානු ධම්ම පටිපත්ති

මෙම කරුණු සවිස්තරාත්මකව ඇතුලත් පහත ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් අපත් අපගේ ජීවිත පරම සුන්දරවූ නිවන කරා යන මාර්ගයට අවතීර්න කරවමු…

මෙතනින් බාගන්න

ප්‍රවර්ග:බුදු දහම

ආයු රඛ්ඛන්තු ආවඩා

රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා
යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා
විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා
ආයු රඛ්ඛන්තු ආවඩා…

රන් රිදී මිල මුදල් කහවනු යස ඉසුරු ලඟ අත නොපා
ඔබ රකින රට මාතෘ භූමිය අගී ස්වර්ගයටත් වඩා අගී ස්වර්ගයටත් වඩා
චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රඛ්ඛන්තු ආවඩා…..

පවුරු බැද සිවු දිගින් වට කල සමුදුරේ ගොස පරදවා
ඔබ නගන ජයගොසින් මවු බිම සිනා සෙන්නී රෑ දිවා සිනා සෙන්නී රෑ දිවා
චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රඛ්ඛන්තු ආවඩා…..

රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා
යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා
විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා
ආයු රඛ්ඛන්තු ආවඩා…

ගායනය : සුගත් හඳුන්ගේ, සුනිල් ජයසිරි ඇතුළු පිරිස
මෙතනින් බාගන්න

පසුවදන:

ලක් දෙරණේ සදා අමරණීය අපේම සෙබළ සෙබළියන්ට මේ ගී මල් පොකුර උපහාරයක්ම වේවා…
ඇස් ඉස් මස් ලේ දන් දෙමින් එකා පිට එකා මැරී වැටෙද්දිත් අවසන් හුස්ම පොද තෙක් සටන් කර කොටි හැත්ත වරිගය පිටින්ම නසා දුටුගැමුණු පරපුරේ සීහල තේජස පැතිරවූ සීහල දේශයේ අභීත රණවිරුවාණෙනි ඔබටයි අපගේ මේ උපහාරය.  එදා මෙන් අදත් අපේ ලක් අම්මා කෙලසන්න හදන කාලකණ්ණි හැතිකරයම මේ පින්බර ලක් දෙරණින් තුරන් කරන්න ඔබට විරිය ශක්තිය ලැබේවා. සියළු දෙවියෝ ඔබ රකිත්වා….

චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රඛ්ඛන්තු ආවඩා…..

෴ දුටුගැමුණු පරපුරේ අපි ෴

සංස්ඛාර

බුදු දහම තුල නිතර භාවිතාවන වදන් අතුරින් සංස්ඛාර යන වදන ඉතාමත් බහුලව යෙදෙන්නකි. මෙම සංස්ඛාර යන වදන බහුලව යොදනු ලබන්නේ “යම් කිසි දෙයක් හේතුවෙන් හටගත්තාන්ම් ඒ හේතුවෙන් හටගත් ඵලය සංස්ඛාර යනු වේ” යන අර්ථයෙනි

සංස්ඛාර යන වදන, බුදු දහම හා අපේ දිවිය යන ත්‍රිත්වය පිළිබද අගනා පැහැදිළි කිරීමක් අඩංගු පහත ධර්ම දේශනාව ශ්‍රවනය කිරීමෙන් වැඩිදුර අවබෝධයක් ලබාගන්න…

මෙතනින් බාගත කරන්න