නිවස > ඉතිහාසය > සූර්‍ය මංගල්‍යය හා සිව්හෙළය

සූර්‍ය මංගල්‍යය හා සිව්හෙළය

අදටත් හිරුදෙවි නමදින සිව්හෙළය

සූර්‍ය නමස්කාරය යනු හෙළදිව විසූ යක්ශ, නාග, රාක්ෂ, අසුර ආදී හෙළ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන ඇදහීම් ක්‍රමයක් බව ඉතිහාසයේ මෙන්ම ජනප්‍රවාදයේද සඳහන් වේ. යක්ශ ගෝත්‍රය, සූර්‍ය වංශය නමින්ද හැඳින්වූ බවද මෙහිම සඳහන්ය.

අප්‍රේල් 13-14 දිනවලට අද‍ටත් අපි උත්කර්ෂවත් ලෙස අලුත් අවුරුද්ද කියලා සමරන්නෙ සූර්‍යා මීන රාශියෙන් මේශ රාෂියට සංක්‍රමණය වීමයි. සිව් හෙළයට සූර්යා මුදුන් වන මේ දින සූර්ය වන්දනයට සුදුසු බව තෝරා ගත්තේ පුලස්ථි ඍෂිවරයා බව ‘සූර්‍ය නමස්කාරය’ නම් පැරණි පුස්කොලපොතේ සදහන්ය. ඒ අනුව ගත් කල වසර 5000කට අධික අඛණ්ඩ කාලයක් පුරා ලක්වැසියා සූර්‍ය වන්දනයේ යෙදෙයි.
එදා අසුර නායකයින් බලංගොඩ කූරගල ආශ්‍රිත ප්‍රදේශයන්හි සිය මාළිගා තනාගෙන විසූ බවත්, මහ කන්නයේ ගොයම් කපා සඳුන් දර උපයෝගී කරගෙන අළුත් සහලින් පිසූ කිරිබතින් බුදුන් වහන්සේ පිදූබවත් ඉපැරණි පුස්කොල පොත්වල සඳහන් වේ. සමන්ත කූඨ වර්ණනාවේ සඳහන් වන පරිදි සහල් ගොඩ ගැසූ පර්වතයන් ලෙස ඉරුගල හා සඳුගල නමින් ගල්ගුහා කූරගල ආසන්නයේ තිබිණි. වර්තමානයේ අවුරුදු කුමරිය හා අවුරුදු කුමරා තේරීමේ තරඟ වල මුල් අදහසත් හිරු කුමරු හා සඳ කුමරිය සංකේතවත් කිරීම බව ඇතමෙකුගෙ පිළිගැනීමයි.

දිවංගත කපිතාන් ශ්‍රී චන්ද්‍ර කුලරත්න සඳහන් කරන ආකාරයට කාශ්මීරයේද බක්මහ සැණකෙලිය පැවැත්වේ. එනමුදු ඔවුන් සමරන්නේ බක්මහ ආරම්භ වන පුර පෑලවිය මිස සූර්‍ය සංක්‍රාන්තිය නොවේ. එනමුදු බක්මහ සැනකෙළිය හෙළයාටම ආවේණික බව පසක් කරන තවත් කරුණකි. එනම්, සිංහල බෝධිවංශයට අනුව මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කරන විට ධර්ම ප්‍රචාරය සඳහා කාශ්මීරයට යන්නේ භජන්තික තෙරුන්ය. එහිදී ධර්මය ශ්‍රවණය කරන ආරාවල නාග රාජයා ඇතුළු 10 000 නාගයින් බුදුන් සරණ ගිය අතර යකුන් මාර්ගඵල වලට පැමිණ ඇත. එසේනම් කාශ්මීරය ආශ්‍රිත ප්‍රදේශ වලද යක්ශ නාග ගෝත්‍රිකයන් විසූ බවත්, සූර්‍ය වන්දනය හා බක්මහ සැනකෙළිය හෙළයාටම ආවේණික උත්සවයක් බවත් තහවුරු වේ.

විශේෂයෙන්ම මෙම කරුණ මෙහිදී සඳහන් කරන්නේ මෑතකදී මෙය සිංහල හින්දු අළුත් අවුරුද්ද නමින් හැඳින්වුණ බැවිණි. රාම රාවන සටනින් පසු ලංකාව තුල හින්දු බලපෑම් ඇති වූවා සේම හින්දු චාරිත්‍ර වලට සූර්ය නමස්කාරය එක්වුණා මිස එය ඉන්දියාවෙන් අප රටට ආනයනය කල සංස්කෘතික අංගයක් නොවේ. එමෙන්ම ග්‍රීසිය, රෝමය ආදී රටවලටද සූර්ය වන්දනය පැතිර යාම තුලින් එම රටවල් ලංකාව සමග සබදතා පැවැත්වූ බව තහවුරු වේ. වර්තමානයේ අපට බහුලව අසන්නට ලැබෙන්නේ සිංහල දෙමළ අළුත් අවුරුද්දක් ගැනයි. එහෙත් වසර 5000 කට පෙර අසුරයන් සූර්‍ය මංගල්‍යය සමරද්දී දමිළ (Tamil) නම් ජන වර්ගයක්ද මෙලොව විසු බවට කිසිදු සදහනක් හෝ සෙල්ලිපියක්වත් නැත (මෛගලිතික යුගය). එසේනම් හෙළයාගේ අවුරුද්දට හින්දූන් ඈඳා ගැනීම පසුකලෙක සිදුවූවක් බව පැහැදිලිය.

එදා ලක්දිව විසූ සිව් මහා ගෝත්‍ර වල හෙලයන් එකම දිනක, එකම නැකතට, එකම දිශාවක් බලා සූර්‍ය වන්දනයේ යෙදුණු අතර, වසර 5000 කට පසුව අදත් ලක්දිව වෙසෙන හෙළයන් බුදු දහම හා සබැඳි මෙම හෙළ සිරිත් විරිත් බැති බරව ඉටුකරති. මෙලෙස රටක් ජාතියක් ලෙස එකම මොහොතක අවුරුදු චාරිත්‍ර ඉටු කරන අප වරිගයෙන් පිළිඹිබු වන්නේ වසර දහස් ගණනක් පුරාවට, කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම යන සිව් මහා බුදු වරුන්ගේ ධර්මය පෙරටු කරගෙන අප රැකගෙන ආ සංස්කෘතිය සහ අපේ එකමුතු බවයි. එවන් වූ සාඩම්බර සංස්කෘතියක් මෙතරම් කලක් අඛණ්ඩව ඉදිරියට ගෙනයන තවත් රටක්, ජාතියක් තියේද?

  1. maharaavana
    2010 අප්‍රේල් 6 දින ප.ව. 7:15 ට

    ඉතාමත් හොද ලිපියක්. ඔබට ස්තූතියි

    තෙරුවන් සරණයි !

  2. නලින්ද
    2010 අප්‍රේල් 6 දින ප.ව. 7:57 ට

    ශා බොහෝම වටිනා විස්තරයක්……………

  3. නුවන් බුද්ධික
    2010 අප්‍රේල් 6 දින ප.ව. 9:21 ට

    බොහොම වටින ලිපියක්. අපි අතරෙ තියෙන ගොඩක් මත ගැන තවපාරක් හිතන්න වෙනව මේ ලිපිය කියෙව්වහම. ඒ වගේම හිතට ආඩම්බරයකුත් එනව අපේ ජාතිය ගැන. ඒ ආඩම්බරය දිගටම රැකගැනීම අපේ වගකීමක්… බොහොම ස්තුතියි මේ ලිපියට…
    තෙරුවන් සරණයි…!!!

  4. 2010 අප්‍රේල් 6 දින ප.ව. 9:40 ට

    සුපුරුදු පරිදි ඉතා අනර්ග ලිපියක්….
    මට මෙතන නැගුණු ප්‍රශ්නක් තිබුනා .. ඒකයි මම මෙහෙම උත්තරයක් ලියන්න හිතුවෙ
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    නමුත් අද කාලයේ තියන ප්රධානම ප්රශ්නයක් තමයි ඉස්කෝල වලට යන පොඩි එවුන්ට මේ අවුරුද්ද කියන්නෙ අවුරුද්ද කියන්නෙ මොකද්ද කියල වත් දන්නෙ නෑ, සමහරුන්ට කාල බීල විනෝද වෙන එක ඉතරයි ….
    අවුරුදු චාරිත්ර පොතක කොනක තියන පාඩමකට පමණක් සීමා වෙලා …
    අවුරුදු චාරිත්ර ඇත්තටම පිළිඹිඹුවෙන්නෙ මොනාද කියල වත් දන්නෙ නෑ …
    සමහර දෙමාපියො දන්නෙත් නෑ කියල දෙන්න තමන්ගෙ දරුවන්ට ….
    හරිම ඛේදනීය තත්වටක් උද්ගත වෙලා තියෙන්නෙ …..
    ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ කියල හොයල බලන්න කාලෙ ඇවිල්ල නේද …
    මේ අපෙන් ගිලිහී යන්නෙ අපේම හෙළ සිරිත් විරිත් නේද …..
    යක්ශ වගේ ශ්රේශ්ඨ අපේ රටට පමණක් නොව අනිත් රටවලටද තම අනසක පතුරගෙන සිටපු රාවනා යුගයෙ( ලොව තිබුණායැයි සැලකෙන දිවුණුම තාක්ෂණය පවා තිබුණු ) ඉඳන් එක මේ සූර්ය වන්දනාවෙ උරුමය ඇයි ගිලිහී යන්න දෙන්නෙ….
    මේ දේවල පාසැල් වලින් අතුගාල දැමීමට හේතුව අපේ අහේතුවමද …?
    නැතිනම් විජය ව වීරය කරන්න හදපු අපේ කාළයේ දෙවුදත්ලගේ ක්රියාවක්ද, හොඳට හිතල බලන්න
    අපේ සින්හල කම අපේ උරුමය අපිටම නැති කරන්න ගොඩක් දෙනා පොරකන යුගයක අපේ සුළු පමාව පසුකාලීන මහා විනාසයකය හිතුසාදක දේවි….
    ඔබත් සිංහලයකු නම් මදක් සිතන්න ……
    අතීතය අනාගතය සහ වර්තමානය සහ …නොපෙනෙන අනාගතය ගැන….

  5. නුවා
    2010 අප්‍රේල් 13 දින පෙ.ව. 12:33 ට

    ඇත්තටම මහසොහොන් සෙන්පති සොහොයුරා කියන දේට මමත් එකගයි. මොකද ගොඩක් අයට අද සිංහල අලුත් අවුරුද්ද කියන්නේ කුකුලෙක් මරාගෙන කාල විනෝද වෙන එක විතරයි. ඇයි අද මේ මිනිස්සු මේ තත්වෙට පත්වෙලා තියෙන්නේ? මෙහෙම ගියොත් තව ඉස්සරහට මොනවා වෙයිද? හරිම කණගාටුයි…:(
    චේතියා සොහොයුරියට බොහොම පින්…

  6. dharshana
    2012 අප්‍රේල් 12 දින පෙ.ව. 9:54 ට

    ‘සිව්හෙළ‘ කියන එක ‘සිංහල‘ උනා කියන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද සිංහයා ලකුණ ආවේ කොහොමද කියලා (එක ගෝත්‍රයකවත් සිංහ ලකුණ නෑ). මේ ගෝත්‍ර එකතු කළේ සිංහ වාංශිකයන් නිසා (පණ්ඩුකාභයත් පියාගේ පාර්ශවයෙන් සිංහ වංශයේ මහාවංශයට අනුව නම්), සිංහ ලකුණ ලැබුනා වෙන්ඩ බැරිද? ඒ නිසාම සිංහල උනා වෙන්ඩ බැරිද? කොහොම වෙතත් අදත් ඉන්දියාවේ බෙංගාලයේ (අතීතයේ වංග දේශය) මිනිස්සු අප්‍රියෙල් අවුරුද්ද සමරනවා. මේ නිසා අවුරුද්ද සිංහ වාංශිකයන්ගේ උත්සවයක් වන්නට බැරිද?

  7. 2012 මැයි 7 දින පෙ.ව. 8:24 ට

    hoda lipi tikak wade hodai.digatama karagena yanna.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න