නිවස > ඉතිහාසය, බුදු දහම > ඇසළ පුන් පොහෝ දින සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා

ඇසළ පුන් පොහෝ දින සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා

ඇසළ පුන් පොහෝ දිනය ලක්වාසී බෞද්ධයන්ට ඉතාමත් වැදගත් පොහොය දිනයක්. ලංකාවේ සිව්දිග පුදබිම් උත්සවත්ශ්‍රීයෙන් බබළන්නෙ ඇසළ සමයටයි. ඒ මහනුවර, බෙල්ලන්විල මෙන්ම කතරගම පුදබිමෙහි වාර්ෂික පින්කම් මලාව හා අවසන් මහ පෙරහැරට මුළු ලංකාවේම බෞද්ධයන් සැදැහැ සිතින් සහභාගි වන නිසයි. අද මා මෙම ලිපියෙන් ගෙනහැර දක්වන්නේ ඇසළ පුන් පෝ දා සිදුවූ විශේෂ සිදුවීම් පිළිබඳ තොරතුරුයි.

  • අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව  මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.
  • සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.
  • ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.
  • තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.
  • කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.
  • විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.

පින්තූරය ලබාගත්තෙ – http://www.lakehouse.lk/budusarana/2…_p04-asala.jpg

  1. Hasitha
    2010 අගෝස්තු 17 දින පෙ.ව. 7:00 ට

    වටිනා ලිපියක් ඒ හැරුණු කොට තවත් ඇසල පොහෝ දින සිදුවූ වැදගත් සිදුවීම් මේවායි.

    සත්වැනි වස් කාලයේදී තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදුරදුන් මාතෘ දිව්‍යරාජයා ප්‍රමුඛ දෙවියන්ට අභිධර්ම පිටකය දේශනා කිරීම.

    මිහිඳු හිමියන් විසින් අරිට්ඨ කුමරු ප්‍රධාන කණ්ඩායම පැවිදි කිරීම.

    රුවන් මැලි සෑය ඉදිකිරීමට දුටුගැමුණු රජතුමා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීම.

    • 2010 අගෝස්තු 17 දින ප.ව. 8:14 ට

      මේ විස්තර අප සමඟ මෙහිදී බෙදාගන්නට ඉදිරිපත් වීම ගැනත්, හැමදාමත් අපේ ලිපි ගැන තම අදහස් පලකරමින් අප සමඟ රැඳීම ගැනත් හසිතට අපේ ස්තුතිය.

  2. Pradeep jayasinghe
    2017 ජූලි 6 දින ප.ව. 12:57 ට

    Meweni seewayak labaadima pilibadawa punyaanu moodana karami. Shanika lesa awashya thorathuru labagatha heki sthaana ithaa alpa wana athara oba karana mee seewaya uthum kota salakami..

  3. Uchith mangala kumanayake
    2017 ජූලි 7 දින ප.ව. 11:59 ට

    Good work

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න